පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 10ක් වීරගුල දී ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබේ.
වීරගුල පොලිස් වසමේ කළගෙඩිහේන ප්‍රදේශයේ දී වීරගුල පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
පුරා වස්තු කැණීම් සඳහා භාවිතා කරන උපකරණ ද එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 36, 42, 43,50 හා 57 යන වයස්වල පසුවෙයි.
ඔවුන් වීරගුල, කොළඹ, මංගලතිරිය, මීරිගම, කළගෙඩිහේන හා පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.
සැකකරුවන් අද (10) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වීරගුල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



