වෙරළට වසරකට කුණු ටොන් මිලියන 32ක් එකතු වෙයි

Share

ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසළ ටොන් මිලියන 32කට වැඩි ප්‍රමාණයක් එකතු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

 

නිසිලෙස කසල බැහැර නොකිරීම හේතුවෙන් මෙරට වෙරළ කලාපය තුළ මෙම කසල එකතු වන බවයි සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ.

විශේෂයෙන් උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්හි වෙරළ කලාපයන් තුල එහි වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා සදහන් කළේය.

රට අභ්‍යන්තරයෙන් සහ මුහුදෙන් මෙලෙස කසළ එකතු වන බවත්, එසේ වුවද සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියට මේ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග අල්ප බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

Read more

Local News