මෝටර් රථයක් යතුරුපැදියක ගැටී පුද්ගලයෙක් මරුට

Share

යාපනය, චාවකච්චේරි අරසඩි ප්‍රදේශයේදී අද (10) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි.

 

මෝටර් රථය ඉදිරියෙන් ගමන්ගත් යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් යතුරුපැදියේ පසුපස ආසනයේ ගමන්ගත් වයස අවුරුදු 67ක පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ වයස අවුරුදු 37ක පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News