මේ ආණ්ඩුවේ අඩුපාඩුකම් වසා ගන්න පසුගියේ ආණ්ඩුවේ අඩුපාඩුකම් සොයනවා

Share

වර්තමාන ආණ්ඩුව සිය අඩුපාඩුකම් වසා ගැනීමට පසුගිය ආණ්ඩුවේ අඩුපාඩුකම් සොයමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි.

 

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.

ඉදිරියට එන පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අද විවිධ දේ ඇමිණීමට සුදානම් වන බවයි මෙහිදී  අදහස් දැක්වු මන්ත්‍රීවරිය පවසා සිටියේ.

ජනතාවගේ කල්පනාව වෙනත් අතකට හැරවීමේ උත්සහයක නිරත වෙන බවත් පැවසු ඇය, පසුගිය රජයේ පැවති නාස්තිකාර යුගය හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකිව අපට මේ දේ කළ නොහැකි යැයි පවසන බවද පැවසීය.

නොහැකියාවක් ඇති රජයක් ලෙස වත්මන් රජය පත්ව ඇතැයි ද, ලක්ෂ 69 ක් ඡන්දය ලබා දී පත්කරනු ලැබුවේ දුන් පොරොන්දු ගැන විශ්වාසය තබමින් බවත් මන්ත්‍රීවරිය කියා සිටියාය.

Read more

Local News