අගමැති මහින්දගේ ඉන්දීය සංචාරයේ අවසන් දිනය අද

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේ සිව්වන සහ අවසන් දිනය අද (11) යි.

 

අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ තිරුපති හි සංචාරය කිරිමට නියමිත අතර ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ දූත පිරිස යළි දිවයිනට පැමිණිමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු විදෙස් සංචාරය වූ මෙම ඉන්දීය සංචාරය තුළදී දෙරටට වැඳගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කිරිමට හැකියාව ලැබී තිබේ.

දේශපාලන, වෙළඳ, සංවර්ධන, ආරක්ෂක, සංස්කෘතික හා සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහෙදි දේපාර්ශවයේ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරිමට අවශ්‍ය පියවර ගැනිමේ අවශ්‍යතාව ද මෙම සාකච්ඡාවලදී දෙපාර්ශවයේ අවධානයට යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Read more

Local News