ජම්පටාවීදියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙක් අයෙක් අත්අඩංගුවට

Share

පසුගිය 08 වනදා ජම්පටාවීදිය ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කළ විමර්ශනවලදී ඊයේ (10) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එහිදී සැකකරු සතුව තිබී මිලිමිටර් 09 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් එම උණ්ඩ දෙකක් සහ ජංගම දුරකථනයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු කුරුණැගල, හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

ඔහු පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශවලදී ඔහු ප්‍රදේශ රැසක සිදු කළ අපරාධ ගණනාවකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (11) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News