කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

Share

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (11) පෙරවරුවේ දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පැමිණ තිබේ.

 

වසන්ත කරන්නාගොඩ මහතා විසින් දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශ ලබාගැනීම සඳහා ඔහුට කොමිසම විසින් මෙම කැදවීම සිදුකර තිබේ.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමේ දී පලිගැනීමේ චේතනාවෙන් කටයුතු කර ඇති බවට අදාල පැමිණිල්ලෙන් කරුණු දක්වා ඇති බව සඳහන්.

Read more

Local News