පසුගිය වසර තුළ විදුලි සැර වැදීම හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු මියගොස් ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
එය 2018 වසරට සාපේක්ෂව සියයට 16 ක වැඩි වීමක් බව එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
2019 වසරේ විදුලිසැර වැදීම් හේතුවෙන් සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව දකුණු පළාතෙන් වාර්තා වී ඇති අතර අඩුම මරණ සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.



