සුරියවැව වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Share

සුරියවැව පොලිස් වසමේ බැද්දෙවැව ප්‍රදේශයේ නිවසක අද (13) උදෑසන 10.00ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

 

තුවාල ලැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා සුරියවැව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක් වු බැද්දේවැව, සුරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මුදල් ආරවුලක් මත මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News