ආගමික ස්ථානයකට ඇතුල් වු පුද්ගලයෙකු පින් කැටයක් කඩා මුදල් සොරාගෙන යයි

Share

හැටන් වටවල නගරයේ ආගමික ස්ථානයක ඇතුළු වූ පුද්ගලයෙකු එම ස්ථානයේ තිබූ පිං කැටය කඩා එහි මුදල් රැගෙන ගොස් ඇති බව වටවල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

 

වටවල නගර මධ්‍යයේ පිහිටි ඇති මෙම ආගමික ස්ථානයට ඊයේ (12) රාත්‍රි 10.00ට පමණ ඇතුළු වු පුද්ගලයෙකු එහි දිගු වේලාවක් රැදි සිටිමින් පිං කැටය කඩා මුදල් රැගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ පුද්ගලයා ආගමික ස්ථානයේ ඇතුළත දල්වා තිබු විදුලි බල්බයද නිවා දමා එම ස්ථානයෙන් බැහරව ගොස් ඇත.

ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ ආගමික ස්ථානයට ඇතුළු වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වටවල පොලීසිය මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇත.

පින් කැටයේ තිබු මුදල් කොපමණද යන්න මෙතෙක් ගණනය කර නොමැත.

Read more

Local News