කිලිනොච්චිය නගරයේදී ඊයේ(12) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් පෙරළී ගොස් සිදුවු අනතුරකින් අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි කිලිනොච්චිය පොලීසිය පැවසූවේ.
අනතුරින් කිලිනොච්චිය, ක්‍රීෂ්ණපුරම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කරුපයියා යෝගචන්ද්‍රිරන් නමැති පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි



