නෝර්වුඩ් පොලිස් වසමේ ඉන්ජස්ට්වත්ත, බිලිංබෝනි කොටසේ දික්ඔය ප්‍රදේශයේ ලයිම් නිවාස සංකීර්ණයක ඊයේ (16) රාත්‍රී 7.00 ට පමණ හදිසි ගින්නක් හට ගෙන ඇත.
ගින්න හට ගෙන ඇතැයි නෝර්වුඩ් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.
ගින්නෙන් දේපළ හානි පමණක් සිදුව ඇති අතර ජීවිත හානි කිසිවක් නොමැති බව පොලීසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නෝර්වුඩ් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





