අම්පිටියේ ශ්‍රී රාහුල නා හිමියන් අපවත් වෙයි

Share

මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති සහ අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහානිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියෝ අද (17) උදේ අපවත් වූහ.

අපවත්වන විට උන්වහන්සේ වයස අවුරුදු 106 ක්.

අපවත්වී වදාළ අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ ශ්‍රී දේහය 19 වැනිදා දක්වා මහරගම ධර්මායතනයේ තැන්පත් කර තැබෙන අතර, ශ්‍රී දේහය 19 වැනිදා බම්බලපිටිය වජිරාමයට වැඩම කරවනු ඇත.

අදාහන පූජෝත්සවය පෙබරවාරි 20 වැනිදා සිදු කිරිමට නියමිතයි.

Read more

Local News