කේරළ ගංජා සමඟ විදේශිකයන් 2ක් අත්අඩංගුවට

Share

කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි එංගලන්ත ජාතිකයෙකු හා ඕස්ට්‍රෙලියන් ජාතිකයෙක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (20) රාත්‍රීයේ මෙම විදේශිකයන් දෙදෙනා මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති එංගලන්ත ජාතිකයා මාතර, පොල්හේන වෙරළ මාර්ගයේ කොහුමෝල අසළදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 500ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මාතර, මඩිහ ප්‍රදේශයේ නවාතැන් පලකදී කේරළ ගංජා ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි ඕස්ට්‍රෙලියානු ජාතිකයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News