තකනාමි කොළඹ වරායට සේන්දු වෙයි

Share

ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව අද (21) කොළඹ වරායට ‍සේන්දු විය.

 

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

ඒ අනුව, දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් දිවයිනට පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් යූචි නිහාරා (Ryouichi Nihara) ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත විය.

එහිදී එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, මෙම මස 23 වන දින දක්වා මෙම නෞකාව දිවයිනෙහි රැදී සිටීමට නියමිතය.

Read more

Local News