මාතර දෙව්නුවර ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මාතර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
එහිදී සැකකාර කාන්තාව සතුව තිබී අයිස් ග්‍රෑම් 55ක් සහ අනෙක් සැකකරු සතුවි තිබී අයිස් ග්‍රෑම් 50ක් පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකාරිය 34 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාරිනියක වන අතර සැකකරු 34 හැවිරිදි දෙව්නුවර වාව්ව ප්‍රදේශයේ පදිංචි අයෙකු වෙයි.
ඔවුන් අද (21) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.