දැනට සිදුවන රිය අනතුරු ප්‍රමාණය සම්බන්ධව සැළකිල්ලට ගනිමින් මෙම වසර තුළ අඩු තරමින් පුද්ගලයින් 3000කට වැඩි පිරිසක් මාර්ග අනතුරු නිසා මරණයට පත්වීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය හා ප්‍රවාහණ අංශ පුරෝකථනය කරමින් අනතුරු අගවා ඇති බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අද (26) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම වසර තුළ මාර්ග අනතුරුවලට ලක් වන්නන් සඳහා ප්‍රතිකාර ලබා දීමට පමණක් අඩුම තරමින් රුපියල් බිලියනයක පමණ මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවත් ඒම අංශ විසින් පෙන්වා දී ඇති අතර මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වත්මන් රජය විසින් සුවිශේෂී අවධානයක් යොමු කර තිබේ.
විශේෂයෙන් ජනාධිපතිතුමා මාර්ග අනතුරු වළක්වාලීම සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
දැනට සිදුවන මාර්ග අනතුරු අනුව දිනකට පුද්ගලයින් හය දෙනෙක් පමණ මරණයට පත් වන බව වාර්තා වේ.



