නුවරඑලියේ ගව ඝාතනය තාවකාලිකව නතර කරයි

Share

මුඛ සහ කුර රෝග පැතිර යාමේ අවදානමක් ඇති බවට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කළ ලිඛිත දැනුම් දීමක් මත අද (27) දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ ගව ඝාතකාගාරවල සතුන් ඝාතනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇත.

 

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නුවරඑළිය, කොත්මලේ, අඹගමුව, වලපනේ, හඟුරන්කෙත යන ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දි ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම මේ වන විට මුඛ සහ කුර රෝග පැතිරි යන බවට කරුණ අනාවරණව වි ඇති බවයි.

ඒ අනුව රෝගය ව්‍යාප්ත වීම වැළැක්විමේ අරමුණින් දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශයන් මත දිස්ත්‍රික්කය තුළ සහ දිස්ත්‍රික්කයෙන් පිට තාවකාලිකව සතුන් ප්‍රවාහනය කිරීම අත්හිටුවිමට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි ගත් තිරණයක් මත නැවත දැනුම් දෙනතුරු සත්ව ප්‍රවාහනය සඳහා නිකුත් කරනු ලබන බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දී ඇත.

මස් පිණිස සතුන් ඝාතනය කිරිමේදි පශු වෛද්‍යවරයාගේ නිර්දේශයක් අනිවාර්යෙන් තිබිය යුතු අතර, දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඉල්ලිම මත සතුන් ඝාතනය කිරිම සඳහා එම බලපත්‍රය නිකුත් කිරිම තාවකාලිව අත්හිටවු බවද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පශු වෛද්‍යවරුන් පවසා ඇත.

මෙම නියෝගය මත හෙට (28) දින සිට නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම ගව මස් අලෙවි වෙළඳසැල් තාවකාලිකව වසා තැබිමට නියමිතය.

Read more

Local News