එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (01) පැවැත්වීමට නියමිතයි.
එක්සත් ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එම රැස්වීම පැවැත්වෙන බව සඳහන්.
පක්ෂ ලකුණු සම්බන්ධයෙන් අවසන් එකගතාවකට එළඹීමට අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී අපේක්ෂා කරන බව වාර්තා වෙයි.



