ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස් අසාදිතයින් අද වනවිට ලෝකයේ රටවල් 60 කට ආසන්න සංඛ්‍යාවකින් වාර්තා වෙයි.
වෛරසය හේතුවෙන් මේ වන විට 2967 සංඛ්‍යාවක් මියගොස් ඇති අතර ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 86000කට ආසන්න වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
වෛරසය ප්‍රථමයෙන්ම වාර්තා වූ චීනයේ හුබෙයි පළාතෙන් ඊයේ (29) දිනයේ නව කොරොනා වෛරස් ආසාදිතයින් 570 දෙනෙකු තහවුරු වී, මරණ 34 ක් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
අසාදිතයෙකු වාර්තා වූ නවතම රටවල් බවට මැදපෙරදිග කලාපයේ කටාර්, ලක්සම්බර්ග් සහ ඉක්වදෝරය පත්වුණි.
චීනයට පසුව වැඩිම බලපෑමක් එල්ලවූ දකුණු කොරියාවෙන් අද වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3150 ක් වන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 17කි.




