වතුකම්කරු වැටුප අද සිට ඉහළට

Share

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීම අද (01) සිට ක්‍රියාත්මක වෙයි.

 

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ලබාදුන් පොරොන්දුවට අනූව වතුකම්කරුවන්ට දිනකට රුපියල් දහසක අවම වැටුපක් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබුණි.

ඊට අදාළව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට පසුගිය මස 14 වැනිදා අනුමැතිය හිමි වූ බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරුණි.

තේ කර්මාන්තයේ ගුණාත්මක භාවය සහ ඵලදායීතාව ඉහළ නැංවීමට රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබේ.

දැනට බලපැවැත්වෙන බදු ඉවත් කිරීම, පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක් ලබාදීම මගින් වතු සමාගම්වලට සහන හිමි වන බැවින් එහි ප්‍රතිලාභ වතුකම්කරුවාට ද හිමිවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

Read more

Local News