අත්අඩංගුවට පත් විශ්වවිද්‍යාල සිසුන් යළි රිමාන්ඩ්

Share

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවීම හේතුවෙන් ඊයේ (01) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිමිවරුන් දෙදෙනා ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් විසිදෙදෙනා එළඹෙන 16 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

අදාළ හිමිවරුන් දෙදෙනා ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් විසිදෙදෙනා අද (02) උදෑසන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

ජනතාවට අවහිර වනපරිදි කටයුතු කිරීම හේතුවෙන් ලබාගත් අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීම මත ඔවුන් ඊයේ අත්අඩංගුවට ගැණුනි.

රුහුණු විශ්ව විද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනයට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වුණේ පසුගිය බ්‍රහස්පතින්දා සිටයි.

Read more

Local News