අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ පහක පමණ වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු කිලිනොච්චිය ඉරණමඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

 

යුධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත කිලිනොච්චිය මුරුකන්ඩි ප්‍රදේශයේ සිට කිලිනොච්චිය දක්වා කැබ් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීමකදී සැකකරු රුපියල් ලක්ෂ පහක් වටිනා අයිත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් ප්‍රවාහනය කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන තිබිණ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව මත්ද්‍රව්‍යවලට අමතරව ජි.පි.එස් උපකරණයක්ද තිබි සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News