කිසියම් පිරිසක් සිදු කළ පහරදීමකින් කාන්තාවක් මරුට

Share

හලාවත පොලිස් වසමේ කුමාරකට්ටුව 09 කණුව ප්‍රදේශයේදී අද (02) අළුයම කිසියම් පිරිසක් විසින් සිදු කළ පහරදීමකින් කාන්තාවක් මිය ගොස් තිබේ.

 

කුමාරකට්ටුව 09 කණුව ප්‍රදේශයේ සැකකටයුතු මරණයක් සිදුවී ඇති බවට 119 දුරකථන මධ්‍යස්ථානට ලද පණිවිඩයක් මත හලාවත පොලීසිය විසින් මේ සම්බන්ධවන් විමර්ශන ආරම්භ කර තිබුණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අක්කර 08, කුමාර කට්ටුව, හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News