හෙරොයින් තොගයක් කැලණියේ දී STF අත්අඩංගුවට

Share

හෙරොයින් කිලෝ ග්‍රෑම් 10 ක් සහ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 7 ක් සමඟ පාතාල සමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය විසින් සිදු කළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ කැළණිය, වනවාසල ප්‍රදේශයේ නිවසක තිබී අද (02) මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 100 ක් පමණ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

Read more

Local News