මෙරට අධ්‍යාපන ක්ෂේත්රය තුළ පිරිවෙන් අධ්‍යාපනයට සුවිශේෂ තැනක් හිමිවන බවත්, එය හුදෙක් අංශයකට සීමානොවිය යුතු බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
පිරිවෙන් සඳහා රටේ අවධානය ආණ්ඩුවෙන් ආණ්ඩුවට, ඇමතිවරයාගෙන් ඇමතිවරයාට වෙනස් වීම නතර කළ යුතු බවත්, පිරිවෙන්වල අවිච්ඡින්න පැවැත්ම තහවුරු වන අයුරින් එහි තනතුරුවල නිශ්චිත බවක් ඇතිවන අයුරින්, ශක්තිමත් පරිපාලන ව්‍යූහයක් ඇතිකළ යුතු බවත් ඒ මහතා පවසයි.
ඒ සඳහා ඉදිරියේ දී පිරිවෙන් දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙස පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයට තමා යෝජනා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඊයේ (01) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති පිරිවෙන් සඳහා නවක පරිවේණාචාර්ය පත්වීම් ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.
මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකිව තිබූ මෙම පරිවේණාචාර්ය පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානයට ලක් වූ අතර ඒ අනුව, මීට අදාළ ව ජනාධිපතිතුමන්ගේත්, අගමැතිතුමන්ගේත් උපදෙස් හා මඟපෙන්වීම ලබාගනිමින් ඉතා කෙටි කාලයක් ඇතුළත මෙම පත්වීම් ලබාදීමට පියවර ගෙන තිබේ.
මෙරට මෙන් ම ජාත්‍යන්තරය තුළ සිටින සිංහල නොවන බෞද්ධයන් වෙනුවෙන් මෙරට පිරිවෙන් අධ්‍යාපනයට පැවරෙන කාර්යභාරයක් පවතින බව ද, එමෙන් ම නූතන තාක්ෂණයෙන් සන්නද්ධව සිටින ලෝක ප්‍රජාවට බුදුදහමේ අසිරිමත් පණිවුඩය සම්ප්‍රේෂණය කිරීමේ වගකීම ද පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්රයට පැවරෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.
ගිහි සහ පැවිදි දෙපාර්ශවයම නියෝජනය කරමින් පරිවේණාචාර්යවරුන් 305 දෙනෙක් මෙහි දී නව පත්වීම් ලබාගත්හ.



