කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 281ක් සොයා ගැනේ

Share

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (02) දින යාපනය, නගර්කොවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ මුර සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ තෙත සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 281 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්නා ලදි.

 

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් නාවික හමුදාව මේ වන විට දැවැත්ත කාර්යභාරයක් සිදු කරමින් සිටින අතර, ඒ අනුව දිවයින වටා ඇති සාගර කළාපයේ සිදු කරනු ලබන නිරත්නර සෝදිසිකිරීම් අතරතුර ඊයේ (02) උතුරු විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් යාපනය, නගර්කොවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කළ මුර සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් කිහිපයක් නිරීක්‍ෂණය කර ඇත.

අනතුරුව සිදු කල වැඩිදුර පරීක්‍ෂා කිරීම්වලදී එම පාර්සල් තුල තිබී තෙත සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 281 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත විය.

තවද, ජාවාරම්කරුවන් විසින් මහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සඳහා සිදුකරන සැළසුම් ව්‍යාර්ථ කිරීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදු කිරීම හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අතහැර යන්නට ඇතැයි විශ්වාස කරනු ලබන අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

Read more

Local News