මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී ඊයේ (02) දින පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා අත්බෝම්බයක් සොයා ගෙන ඇත.
පොලිසිය පැවසුවේ මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ තිබි කිලෝ ග්‍රෑම් දෙකක පමණ බරින් යුතු වෙඩි බෙහෙත් කූරු තොගයක් සොයාගත් අතර, මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේදී අත්බෝම්බයක් එලෙස සොයාගත් බවයි.
සවුත්බාර් ප්‍රදේශයේදී සොයාගත් වෙඩි බෙහෙත් පිරවු කූරු මසුන් මෑරීමට යොදා ගන්නා වෙඩි බෙහෙත් කූරු තොගයක් වන බවට ආරක්ෂක අංශ සැක පළ කරති.
මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේදී සොයාගත් අත් බෝම්බය ඉතා පැරණි තත්ත්වයේ පසුවන අතර, යුධ සමයේ දමාගිය බෝම්බයක් එලෙස හමුවන්නට ඇති බවද පොලිසිය පැවසීය.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශයට යොමුකොට ඇත.
මන්නාරම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



