Home දේශීය පුවත් පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ අයෙක් නාවික හමුදා බාරයට

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ අයෙක් නාවික හමුදා බාරයට

0
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ අයෙක් නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (04) දින මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

 

පුපුරණ ද්‍රව්‍ය යොදා නීති වි‍රෝධී ලෙස මසුන් ඇල්ලීම මගින් මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත විනාශ වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් නිරත්තර මෙහෙයුම් දියත් කරනු ලැබීය.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය (ඩයිනමයිට්) යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 88ක් සමඟින් පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම මසුන් තොගය ධීවර වාඩියක් තුල තිබියදි මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අදාල සැකකරු වයස අවුරුදු 47ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත.

මෙලෙස නාවික හමුදා භාරයටගත් සැකකරු සහ මසුන් තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here