පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලිය හදිසි මිලදී ගැනිම් කටයුතු තවත් මාස 06කින් දීර්ඝ කිරිමට සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව එම යෝජනාව ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අත්සන් තැබූ බව අමාත්‍යවරයා පවසයි.
මාස 06ක කාලයක් සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ විදුලිය මිළදී ගැනිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර හිමිව තිබූ අතර පවතින නියඟය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 20ක් දක්වා පහත වැටීම හේතුවෙන් අකමැත්තෙන් හෝ තවදුරටත් විදුලිය මිල දී ගැනිමට සිදුව ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.



