ජාතික පොහොර ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත මඟින් පොහොර ආනයනය, නිෂ්පාදනය, සකස් කිරීම හා බෙදා හැරීම විධිමත් කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සලසා ඇත.
එම පනත මේ දක්වා කිසිදු සංශෝධනයකට ලක් වී නොමැති අතර, වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි එකී පනත යාවත්කාලීන කිරීමට දැනටමත් කටයුතු සම්පාදනය කර ඇතත්, විධිමත් ජාතික පොහොර ප්‍රතිපත්ති ප්රකාශනයක් මේ දක්වා නොමැති වීම එකී ක්ෂේත්රයේ ප්රගමනයට විශාල බාධාවක්ව පවතින බව පෙනී ගොස් ඇත.



