කටුනායක ගුවන්තොටුපළ යළිත් අමුත්තන් සඳහා හෙට විවෘත කරයි

Share

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා යළිත් හෙට(06) දින උදෑසන සිට විවෘත කරයි.

 

ඒ අනුව ගුවන් තොටුපළ තුළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ඇති ලොබි ශාලා වෙත, එක් ගුවන් මගියෙකු සමඟ එක් අමුත්තෙකුට පමණක් පැමිණිය හැකිය.

මේ සදහා රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වන අතර, එම ප්‍රවේශ පත්‍ර කවුළු ද හෙට දින උදෑසන සිට විවෘතව පවතින බව සඳහන්.

Read more

Local News