කොරෝනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Share

චීනය, කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක) නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ලෝකයේ ර‍ටවල් 70 කට අධික සංඛ්‍යාවකින් වාර්තා වන කොරෝනා (කොවිඩ් 19) වෛරසය ආසාධිත රෝගීන් සම්බන්ධ තොරතුරු හේතුවෙන් එම රටවලින් මෙරටට පැමිණෙන පිරිස් සති දෙකක, එනම් දින 14ක අනිවාර්ය නිරෝධායන කාලයකට යටත්විය යුතු බවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් දැනුවත් කරන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති බව සදහන්.

Read more

Local News