පැරමැටා හෙට දිවයිනට

Share

ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ පැරමැටා නෞකාව හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම නෞකාව දිවයිනට පැමිණෙන බව නාවික හමුදාව පැවසුවා.

නිලධාරීන් සහ නැවියන් 200 කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත එම ඕස්ට්‍රේලියානු යුධ නෞකාව හෙට සිට ලබන 11 වනදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතයි.

එහිදී සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානවල සිදුකරන සංචාර, ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම දෙරටේ නාවික හමුදා සාමාජිකයින් හට තම තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට මෙන්ම වෘත්තීය සබඳතා වර්ධනය කර ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවන බව නාවික හමුදාව සඳහන් කළා.

Read more

Local News