නාත්තන්ඩිය-දුන්කන්නාව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් මව සහ ඇගේ දියණිය මිය ගොස් ඇති බව මාරවිල පොලීසිය පවසයි.
ඊයේ (07) රාත්‍රී 9.00 ට පමණ යතුරු පැදියක් සහ කුඩා ප්‍රමාණයේ ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ මීගහකිවුල-වැලිපැන්නගහමුල පදිංචිව සිටි රංවලගේ චන්ද්‍රිකා සෙනරත් මැණිකේ නම් අවුරුදු 54ක් වු මව සහ ඇයගේ දියණිය වන අධිකාරි ආරච්චිලාගේ අහිංසා දුලාංජලී නම් වූ 21 හැවිරිදි තරුණියකි.
අනතුරින් මිය ගොස් ඇති කාන්තාව බිබිලාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරියක ලෙස සේවය කරමින් සිට ඇති බව සදහන්.
යතුරු පැදිය පදවා ඇත්තේ ඇය විසින් බව විමර්ශණවලදී හෙලිවී ඇත.
මාරවිල පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරයි.



