නීති විරෝධි ලෙස ගිනි අවියක් ළඟ තබාගත් කාන්තාවක් අනුරාධපුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමක දි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව සතුව තිබි වායු තුවක්කුවක් සහ බොර් 12 ජීව උණ්ඩ 12 සොයාගෙන තිබේ.
සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර පොලිස් ස්ථානයට භාර දුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.



