මීගමුවේ හෝටල් සේවකයාගේ ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ දී හෝටලයක් තුළ ඇති වු ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමට ආදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් සිදුකර ඇති විමර්ශන අනුව අද (10) දිනයේ මෙම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 18 ක් වු පෙරියමුල්ල, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ (09) රාත්‍රීයේ මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් එම හෝටලය තුළ දී මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේ දී හෝටල් හිමිකරු සහ සේවකයින් එයට විරුද්ධ වී තිබේ.

පසුව පැමිණි පිරිස හෝටල් හිමිකරු හා සේවකයින් සමඟ ආරවුලක් ඇති වී ඇත.

පහර කෑමට ලක්වු හෝටලයේ හිමිකරු ඇතුළු සිව් දෙනෙක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් සේවකයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු ගනේවැල්පොල, කැකිරාව ලිපිනයේ පදිංචිකරුවෙකි.

Read more

Local News