කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව සහ පොලිසීය එක්ව ඊයේ (09) දින කැබිතිගොල්ලෑව, කහටගොල්ලෑව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදි.

 

මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා නිරත්නර මෙහෙයුම් දියත් කරනු ලබන නාවික හමුදාව ඊයේ දින උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කැබිතිගොල්ලෑව, කහටගොල්ලෑව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස සඟවා රැගෙන යමින් සිටි කේරළ ගංජා ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

ඒ අනුව අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 24 ක් වන කදුරුවැව, බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරළ ගංජා ග්‍රෑම් 500ක ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා කැබිතිගොල්ලෑව පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

Read more

Local News