බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට

Share

ජලය රැගෙන ඒමට ගිය බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

 

අද (10) දින පස්වරු 3.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ඩෙවොන් වත්ත ප්‍රදේශයේදි ය.

දිඹුල පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන පෞද්ගලික ආයතනයකට ජලය රැගෙන ඒම සදහා බවසුර් රථය තලවකැලේ දක්වා ධාවනය කරවන අතුරතුර බවුසර් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන දිඹුල පොලිසිය කියා සිටියේ.

අධික වේගයෙන් ධාවනය වි ඇති බවුසරයේ රියදුරා එම මාර්ගයේ විශාල වංගුවක් එකවරම ගැනිමට නොහැකි විම නිසා බවුසරය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව සඳහන්.

අනතුරෙන් බවුසරයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති බව දිඹුල පොලිසිය පැවසීය.

Read more

Local News