පිටකොටුව, පළමු හරස් වීදියේ මහල් 4කින් යුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළෙඳ සැලක අද (11) දහවල් ගින්නක් හට ගෙන තිබේ.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6ක් පිටත් කර යවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට ගින්න පාලනය කර ඇති බවට වාර්තා වේ.
ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවන අතර අලෙවි සැලට සිදුවු හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.
ගින්න හේතුවෙන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ද වාර්තා වෙයි.



