ශ්‍රී ලංකාව ඇතුලු ආසියානු සහ අප්‍රිකානු කලාපීය රටවල් 12 කට සහ යුරෝපයේ බොහෝ රටවල් සඳහාත් තාවකාලික සංචාරක තහනමක් පැනවීමට සෞදි අරාබිය තීරණය කර තිබේ.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඔවුන් එම තීරණය ගෙන තිබේ. මේ වන විට රට තුළ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් තිබේ.
සංචාරක තහනම පැනවු රටවල් අතරට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, පිලිපීනය, සුඩානය, ඉතියෝපියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව, කෙන්යාව, ජිබුටි රාජ්‍යය, සෝමාලියාව සහ ස්විට්සර්ලන්තය ද ඇතුළත් වෙයි.



