රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ හමු වූ පළමු කොරෝනා රෝගියා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මේ වන විට ඔහුගේ පවුලේ සියලු දෙනා නිරෝධායනට ලක් කර ඇති බවයි.
ශ්‍රී ලංකාව තුල මෙම වෛසරය ව්‍යාප්ත වීම වැලක්වීම සඳහා රජය විසින් උපරිම ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.
එම නිවේදනය පහතින් දැක්වේ.




