මෙරට තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වෙයි

Share

කොරෝනා වෛරසය තවත් පුද්ගලයෙකුට වැළදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී .එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සමඟ නවාතැන්ගෙන සිටි තවත් අයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

44 හැවිරිදි ඔහු මේ වනවිට අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Read more

Local News