ජපුර සිද්ධියට සරසවි සිසුන් 6ක් රිමාන්ඩ්

Share

පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

 

පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකු ඊයේ (11) මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ අතර අනතුරට හේතු වූ බව කියන ටයරය පෙරලූ  සිසුවාද සිටින බවයි.

අනතුරින් හිසට බරපතළ තුවාල සිදුවූ පසිඳු තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News