කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා තවත් මධ්‍යස්ථාන දෙකක් පිහිටු වීමට කටයුතුකර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව දියතලාව සහ කහගොල්ල යන ප්‍රදේශවල නව මධ්‍යස්ථාන දෙක පිහිටුවා තිබේ.
කොරොනා වෛරසය සම්බන්ධයෙන් පැතිරයන අසත්‍ය ප්‍රචාරයන්ට රැවටී සීමාව ඉක්මවා භාණ්ඩ මිලදී ගැනීම වැනි ක්‍රියාවල නිරත වීම අවශ්‍ය නොවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.



