අල්ලස් ගත් දේශිය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරියෙක්ට සිරදඬුවම්

Share

රුපියල් 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලය ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවමක් නියම කර එය වසර 5 කින් ගෙවී යා යුතු බවට නියෝග කර තිබේ.

 

ඊට අමතරව රුපියල්ක 20,000 දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූ අමතරව වසර හතරක සිර දඬුවම් නියම කරන බව ද පැවසීය.

ඊට අමතරව අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් දස දහසක මුදල දණ්ඩණයක් වශයෙන් අයකර ගන්නා ලෙසද නියෝග කෙරිණි.

එමෙන්ම මෙම නඩුවේ පැමිණිලිකරුට රුපියල් 25,000 ක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරයා විසින් විත්තිකරුට නියෝග කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් තීන්දුව ලබා දුන්නේය.

මෙසේ දඬුවම් නියම වුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවකු ලෙස කටයුතු කළ එච්.බී.ජගත් නමැත්තෙකුටයි.

2016 වසරේ ජූනි මස පළවන දා ප්‍රියන්ත ලහිරු රූපසිංහ නමැති අයෙකු විසින් මිලදී ගැනීමට සූදානම් වූ ඉඩමකට අදාළ තක්සේරු වටිනාකමට වඩා අඩු වටිනාකමක් සහිත සහතිකයක් ලබාදීම සඳහා රුපියල් 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලීම හා ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

ඉන් අනතුරුව මෙම දඬුවම් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

Read more

Local News