මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරසය ආසාදනය වු දෙවන ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණ සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර ඇත.
එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් 8 දෙනෙකු ඊයේ (12) රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ තහවුරු වූ අතර ඔහු මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබයි.



