පොලීසියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරික්ෂණ අත්හිටුවයි

Share

රාජ්‍ය බුද්ධි සේවයට පොලිස් කොස්තාපල් හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරික්ෂණ නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.

 

අදාළ තනතුරු සඳහා බඳවා ගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණ කටයුතු හෙට (16) දින සිට සිදුකිරීමට නියමිතව තිබු බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේය.

කෙසේ වෙතත් රට තුළ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි එම මූලස්ථානය සඳහන් කළේ.

Read more

Local News