දිවයිනේ සෑම දුම්රිය හා බස් නැවතුම්පොලකටම දෑත් සේදීමේ පහසුකම්

Share

දැනට කොළඹ දුම්රිය ස්ථානයේ හා කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් රථ නැවතුම්පොළෙහි මෙන්ම කොළඹ ලංගම බස් නැවතුම්පොළේ ද මගී ජනතාව කොරෝනා වෛරස් ආසාදනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දෑත් සෝදාගැනීමේ පහසුකම් සපයා තිබේ.

 

මෙම වැඩ පිළිවෙළතවත් පුළුල් කරමින් දිවයිනේ සෑම දුම්රියපොලකම, මෙන්ම බස් නැවතුම්පොළවල ද මගීන්ට දෑත්සෝදා ගැනීමේ පහසුකම් සපයන්නැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද  අමරවීර මහතා අද දින (15) පෙරවරුවේ අදාල බලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

බස් රථයට හෝ දුම්රියට නැගීමට පෙර දෑත් සෝදා ගැනීමත්, බස් රථයෙන් හෝ දුම්රියෙන් බසින විට එම දුම්රියපොලවල හා බස් රථ නැවතුම්පොලවල දී තම දෑත් පිරිසිදු කර ගැනීමත් සිදු කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මගි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් පරිදි සියලුම දුම්රිය හා බස් රථ විෂබීජානුහරණය කිරීමේ වැඩ පිළිවෙළක් ද මේ වනවිට ආරම්භ කර ඇති අතර එම කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න දෛනික අධීක්ෂණයකට ලක්  කරන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ගමනාමණ්ඩලයට මෙන්ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ද උපදෙස් දී තිබේ.

ඇතැම් මගින් ගමනාන්තයට පෙර බස් රථවලින් බැස යන බැවින් එම මගී ජනතාව ද තම නිවෙසට ගිය වහාම පළමුව හොඳින් සබන් හෝ වෙනත් විෂබීජානුහරණ ද්‍රව්‍යයක් යොදා ගනිමින් දෑත් පිරිසිදු කර ගන්නා ලෙසත්, එමඟින් තම පවුලේ සාමාජිකයින්ට මෙම වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News