උසස් පෙළ සහ ශිෂ්‍යත්වයට අයඳුම් පත් කැඳවීම Online ක්‍රමය​ට

Share

මේ දිනවල උද්ගතව පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව වෙතින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ග ගත ක්‍රමය (online) ඔස්සේ පමණක් සිදු කරනු ලැබේ.

 

නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තතු පරිශ්‍රය තුළට මහජන පැමිණිම සීමා කර ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු දෙපාර්තමෙම්න්තු එක් දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දමනු ඇත.

එසේම, 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂත්වය විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය වු මාර්තු 31 වන දින දක්වා දිර්ඝ කර ඇති බැවින් මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වු අපේක්ෂකයින් වේ නම් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ පමණක් අයඳුම් කළ යුතු බව වැඩිදුරටත් නිවේදනය කර ඇත.

ඉහත කරුණු පිළිබඳව යම් ගැටළුවක් මතු වේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබා ගත හැක.

Read more

Local News